දැනට සොයා ගෙන ඇති බැක්ටීරියා සහ දිලීර වර්ග සියල්ලම එකම පරීක්ෂණයකින් එකවර හඳුනා ගන්න!
- බැක්ටීරියා වර්ග 18,000 සහ දිලීර වර්ග 4,500 ක් අපගේ RID පරීක්ෂණයෙන් හදුනා ගත හැක.
- RID පරීක්ෂණයේ ප්‍රතිඵල ඔබගේ වෛද්‍යවරයා වෙත පැය 24 ක් ඇතුලත අප විසින් නිකුත් කරනු ලැබේ.
ඔබේ පරීක්ෂණ වාර්තාව ලබා දෙන කල් තවත් බලා නොසිටින්න.
- ඇතැම් සාම්ප්‍රදායික පරීක්ෂණ ක්‍රම (උදා: culturing tests) මගින් වාර්තා නිකුත් කිරීමට දින හෝ සති ගණනක් ගතවිය හැක.
- ශ්‍රි ලංකාව තුල සිදුකල හැකි වෙනත් කිසිඳු පරීක්ෂණයකට වඩා වේගවත්ව RID-පරීක්ෂණ ප්‍රතිඵල පැය 24 ක් අතුලත ලබාගත හැක.
සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට වඩා නිරවද්‍ය, සංවේදි සහ ලාභදායි පරීක්ෂණයක්
- සාම්ප්‍රදායික ක්‍රමවේදයන් මගින් එකම රෝපණ මාධ්‍යයක් තුල බැක්ටීරියා හා දිලීර වෙන්කර හඳුනා ගනීම සිදුකල නොහැක. අප භාවිතාකරන අති නවීන තාක්ෂණය උපයෝගයෙන් (Next Generation Sequencing) දැනට හඳුනාගෙන ඇති සියලුම බැක්ටීරියා හා දිලීර වර්ග සරල පරීක්ෂණයකින් හඳුනා ගත හැකි වන අතර වෙනත් සාම්ප්‍රදායික පරීක්ෂණ සඳහා වැයවීමට තිබූ විශාල පිරිවැයක් ඔබට ඉතිරි කර දෙනු ඇත.
- සාම්ප්‍රදායික රෝපණ ක්‍රමවේදයන්ට වඩා අපගේ පරීක්ෂණ ක්‍රමවේදය ඉතා නිරවද්‍ය හා සවිස්තරාත්මක බැවින් ඔබගේ වෛද්‍යවරයාට වඩා නිරවද්‍යව රෝගකාරකයා හඳුනා ගැනීම පහසුකරයි.
මෙම පරීක්ෂණය සිදුකරන ශ්‍රී ලංකාවේ එකම පරීක්ෂණාගාරය
- අති නවීන තාක්ෂණික උපකරණ හා ක්‍රමවේදයන්ගෙන් අප පරීක්ෂණාගාරය සමන්විත වේ.
- ISO 9001 (2008) තත්ව සහතිකය සහිතය.
- සියලුම පරීක්ෂණ පලපුරුදු විශේෂඥයන් විසින් සිදුකරනු ලබන අතර අවසන් ප්‍රතිඵලය ප්‍රවීණෝපදේශකයකු විසින් තහවුරු කරනු ලැබේ.
- අප ආයතනය හා අන්තර්ජාලය හෝ දුරකථනය ඔස්සේ සම්බන්ධ වී හෝ අප හා සම්බන්ධ රෝහල් පද්ධතියෙහි වෛද්‍යවරයෙකු මගින් හෝ මෙම පරීක්ෂණය ඉල්ලුම් කළ හැක.
- ඕනෑම සායනික සාම්පලයක් අප පරීක්ෂණාගාරය වෙත යොමු කළ හැක.
- අප වෙත ලබාදුන් සායනික සාම්පල විශ්ලේෂණය කිරීම ඉන් අනතුරුව සිදුකෙරේ.
- පරීක්ෂණ වාර්තාව සකස්කිරීමෙන් අනතුරුව එය ඔබ වෙත ලැබීමට සලස්වනු ඇත.
- ඔබගේ වෛද්‍යවරයා විසින් අදාල පරීක්ෂණ වාර්තාවට අනුව ඖෂධ නියම කරනු ඇත.