• Home
  • COVID-19
    • Infection Control Program
    • Environment Control Program
  • About Us
    • Leadership
      • Board of Directors
      • Consultants
      • Our Team
    • Partners
  • Product
    • Infectious Diseases – dxn1
      • Rapid Infection Detection (RID)
      • dxn1 BactFast
      • dxn1 FungiFast
      • dxn1 Virfast
    • Predictive – GSeek
      • GSeek Exome
      • GSeek Breast
      • GSeek ColoRectal
      • GSeek Newborn Screening
      • GSeek Carrier Screening
    • Personalized Medicine – GSeek
      • GSeek Tumor Hotspots
    • Fertility – GScan
      • Non-Invasive GScan (NIPT)
  • Services
    • Clinical Diagnosis
    • Research
  • Technology
    • NGS
    • Genetic Consultation
    • Case Studies
      • Local
      • International
      • Archives
  • FAQs
  • Testimonials
  • Contact Us

Credence Genomics Credence Genomics

Credence Genomics

  • Home
  • COVID-19
    • Infection Control Program
    • Environment Control Program
  • About Us
    • Leadership
      • Board of Directors
      • Consultants
      • Our Team
    • Partners
  • Product
    • Infectious Diseases – dxn1
      • Rapid Infection Detection (RID)
      • dxn1 BactFast
      • dxn1 FungiFast
      • dxn1 Virfast
    • Predictive – GSeek
      • GSeek Exome
      • GSeek Breast
      • GSeek ColoRectal
      • GSeek Newborn Screening
      • GSeek Carrier Screening
    • Personalized Medicine – GSeek
      • GSeek Tumor Hotspots
    • Fertility – GScan
      • Non-Invasive GScan (NIPT)
  • Services
    • Clinical Diagnosis
    • Research
  • Technology
    • NGS
    • Genetic Consultation
    • Case Studies
      • Local
      • International
      • Archives
  • FAQs
  • Testimonials
  • Contact Us
தமிழ்
English

BactFast පරීක්ෂණය

Credence BactFast එක් පරීක්ෂණ වාරයකදී, සාම්පලයේ ඇති සාම්ප්‍රදායික රෝපණ ක්‍රම මගින් හඳුනාගත නොහැකි බක්ටීරියා ඇතුළු දැනට හඳුනාගෙන ඇති සියලුම බැක්ටීරියා වර්ග හඳුනාගත හැක. මෙම පරීක්ෂණ ප්‍රතිඵල පැය 48ක් ඇතුලත ලබාගත හැකි අතර BactFast පරීක්ෂණය අන් සියලුම සාම්ප්‍රදායික ක්ෂුද්‍ර ජීව හා ජෛව රසායන පරීක්ෂණ විධි අභිභවා වඩා නිරවද්‍ය, විශ්වාසී, සවිස්තරාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් ඉතා කෙටි කාලයකදී ඔබට ලබාදෙයි.

සෞඛ්‍ය සේවා හා කාර්මික ක්ෂේත්‍ර සඳහා BactFast පරීක්ෂණය

BactFast පරීක්ෂණය දැඩි සත්කාර ලබමින් රෝහල් ගතව සිටින රෝගීන් හට, රෝහල් මූලිකව හටගන්නා ආසාදන නිවැරදිව හඳුනා ගැනීම මගින් ජීවිතාරක්ෂණ ප්‍රවේශයක් ලබා දෙන බව සනාථ කර ඇත. මෙම පරීක්ෂණය ආසාදන රෝග සඳහා රෝග කාරක හඳුනා ගැනීමටත් විවිධ ක්ශේත්‍රයන් හී කාර්මික දූෂක ක්ෂුද්‍ර ජීවීන් හඳුනා ගැනීමටත් භවිතා කළ හැක.

සෞඛ්‍ය සේවා

  • සංවාතක ආශ්‍රිතව හටගන්න නියුමෝනියාව – Ventilator Associated Pneumonia (VAP)
  • සෙන්ට්‍රල් ලයින් ආශ්‍රිත රුධිර ප්‍රවාහ ආසාදන – Central Line Associated Bloodstream Infections (CLABSI)
  • කැතීටර් ආශ්‍රිත මුත්‍ර මාර්ග ආසාදන – Catheter associated Urinary Tract Infections (UTI)
  • දියවැඩියා තත්ව නිසා හටගන්නා තුවාල/වණ – Diabetic Ulcers
  • නිදාන හේතුව හඳුනා නොගත් මිශ්‍ර ආසාදන තත්ව – Mixed Infections with unknown etiology

කාර්මික ක්ෂේත්‍ර

  • ආහාර පාන – Food & Beverages
  • කෘෂිකාර්මික නිෂ්පාදන – Agricultural products
  • ක්ෂීර නිෂ්පාදන – Dairy Products
  • ඖෂධ නිෂ්පාදන – Pharmaceutical products
  • විලවුන් හා සනීපාරක්ෂණ නිෂ්පාදන – Cosmetic & Personal care products
  • ජල/ අපජල ප්‍රතිකාර – Water/ Wastewater Treatment
  • පාංශු නියැදි පරීක්ෂණය – Soil Profile investigation
  • ගුවන් යානා ඉන්ධන පරීක්ෂණය – Aviation fuel testing

BactFast පරීක්ෂණය මගින් මිනිසා ඇසුරුකර පවතින ක්ෂුද්‍ර ජීව ගහනය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන අතර එමගින් මානව සෞඛ්‍ය, ප්‍රතිශක්තිකරණය හා පරිවෘත්තිය යන අංශයන්ට ඇති බලපෑම හා ඇතිවිය හැකි රෝග තත්වයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක. මෙම ක්‍රමවේදයේදී සාම්ප්‍රදායික බැක්ටීරියා රෝපණ ක්‍රම භාවිතා නොවන බැවින් ඉතා ඉක්මනින් පරීක්ෂණ වාර්තාව ලබාගත හැකි අතර එමගින් රෝගියා ගේ ආසාදන තත්වය තීව්‍ර වීමට ප්‍රථම වෛද්‍යවරයා හට වඩා නිවැරදි ප්‍රතිකාර ක්‍රමය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම ආරම්භ කල හැක. තවදුරටත් නිශ්චිත-නොවන ඖෂධ ලබාදීමෙන් රෝගියාට ඇතිවිය හැකි ජීවිත අවදානම් තත්වයන්ද වළක්වාගත හැකිවනු ඇත.

ප්‍රධාන කරුණු

  • දැනට හාඳුනාගෙන ඇති සියලුම බැක්ටීරියා වර්ග එක් පරීක්ෂණ වාරයකදී හඳුනාගත හැක
  • පැය 48 වැනි කෙටි කාලයක් තුලදී පරීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැක.
  • නියැදියේ සිටින ක්ෂුද්‍ර ජීව විශේෂ පිළිබඳ සාපේක්ෂ සුලභතාව වැනි තොරතුරු ඇතුලත් සවිස්තරාත්මක පරීක්ෂණ වාර්තාවක් ලබාගත හැක.
  • ඉතා ඉහල සංවේදීතාවය හා 99% නිරවද්‍යතාවය

ඔබ දැනසිටියා ද?

අප ශරීරය ආශ්‍රිතව ක්ෂුද්‍ර ජීවී සෛල ට්‍රිලියන දසදහසක් පමණ වෙසෙන අතර එය අප ශරීරයේ ඇති සියලුම සෛල සංඛ්‍යාවට වඩා වැඩිය.දෛනිකව ආශ්වාස වාතයත් සමග විශාල ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණයක් අප ශ්වසන මාර්ගයට ඇතුළුවේ. ඉන් සමහරක් ක්ෂුද්‍ර ජීවීන් මිනිසාට ජීවිත අවදානම් තත්ව ඇතිකළ හැකි ව්‍යාධි ජනකයන් විය හැක.

පරීක්ෂණය තෝරාගන්නේ ඇයි?

විශේෂාංගය සාම්ප්‍රදායික ක්‍රමවේදයන් BactFast පරීක්ෂණය
ගතවන කාලය දින 7-10 පැය 48
නිරවද්‍යතා මට්ටම ~ 80 % 99.0 %
පරීක්ෂණ නිරවද්‍යතාවය පරීක්ෂණය මෙහෙයවන්නා මත රඳා පවතී. පරීක්ෂණය මෙහෙයවන්නා මත රඳා නොපවතී. ඉතා නිරවද්‍ය හා විශ්වාසදායී ප්‍රතිඵල ලබාගත හැක.
පරීක්ෂණ ප්‍රතිඵල සීමිතය ඉතා ඉහලය
සංවේදීතාවය වෙනස්වන සුළුය ඉතා ඉහලය
වෙනත් බාහිර සාධක මත සාවද්‍ය ප්‍රතිඵල ලබාදීම බාහිර ක්ෂුද්‍රජීවීන් මගින් රෝපණ මාද්‍යය අපවිත්‍ර විය හැක රෝපණ මාද්‍යයයක් භාවිතානොවන බැවින් බලපෑමක් නැත
එක් පරීක්ෂණ වාරයකදී හඳුනාගත හැකි ක්ෂුද්‍රජීවීන් ප්‍රමාණය ඉතා සීමිත ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණයක් පමණක් හඳුනාගත හැක..එනිසා වැදගත් ජීවීන් මගහැරීමට ඉඩ ඇත නියැදියේ සිටිනා සියලුම බැක්ටීරියා වර්ග එකවිට හඳුනාගත හැක
අනාවරණය කරගත හැකි ක්ෂුද්‍ර ජීවීන් වර්ග දන්නා /රෝග කාරක ජීවීන්ට පමණක් සීමාවේ දන්නා සියලුම ක්ෂුද්‍ර ජීවීන් අනාවරණය කරගත හැකි අතර, සාපේක්ෂ සුලභතාව වැනි සවිස්තරාත්මක දත්ත සහිත ප්‍රතිඵල වාර්තාවක් ද ලබාගත හැක

වඩා යෝග්‍ය පරීක්ෂණ ක්‍රමවේදයන් හි අවශ්‍යතාවය

විද්‍යාගාර තත්ව තුළ සියලුම ක්ෂුද්‍ර ජීව විශේෂ රෝපණය කළ නොහැකි බැවින් පසුගිය දශක කිහිපය තුළ විවිධ පරිසර පද්ධති ආශ්‍රිතව වෙසෙන ගෝලීය ක්ෂුද්‍ර ජීව ගහනය පිළිබඳ පුළුල්, පැහදිලි දැනුමක් නොපැවතිණි. තවද සාම්ප්‍රදායික ක්ෂුද්‍ර ජීවින් හඳුනාගැනීමේ ක්‍රම වේදයන් සඳහා සාපේක්ෂව වැඩි කලක් ගතවන අතර නිරවද්‍යතාවයෙන් ද අඩුය. එම දෝශ අගය 20% වැනි ඉහල පරාසයක විචලනය විය හැකි බැවින් පරීක්ෂණ ප්‍රතිඵලයෙහි විශ්වාසී භාවය පිළිබඳ ගැටලු සහගත තත්වයක් පවතී.
නමුත් නවීන DNA අනුක්‍රම නීර්ණ (DNA sequencing) තාක්ෂණය හරහා සාම්ප්‍රදායික ක්ෂුද්‍ර ජීව රෝපණ මාධ්‍ය භාවිතා නොකර ඕනෑම නියැදියක ඇති සමස්ථ ක්ෂුද්‍ර ජීව ගහනය අණාවරනය කර ගත හැක.

BactFast පරීක්ෂණ විෂ්ලේෂණ විධි

හඳුනා ගැනීම

එක් පරීක්ෂණ වාරයක දී පරීක්ෂණ නියැදියේ ඇති දැනට හඳුනාගෙන ඇති සියලුම ක්ෂුද්‍ර ජීව විශේෂ අනාවරණය කරගත හැකි අතර ඒ සඳහා පැය 48 වැනි කෙටි කාලයක් ගතවේ. මීට අමතරව හඳුනාගත් ජීවීන් ගේ වංශ ප්‍රවේණි සම්බන්ධතාව නීර්ණය කිරීමද පරීක්ෂණ දත්ත විශ්ලෙෂණයේ දී සිදුවන අතර එමගින් ඔබගේ අධ්‍යයන තවත් පහසු කරයි.

සාපේක්ෂ සුලබතාව

මෙම පරීක්ෂණය මගින් හඳුනාගත් සියලුම ක්ෂුද්‍ර ජීවීන් ගේ සාපේක්ෂ සුලබතාව (පරීක්ෂණ නි‍යැදියේ ඇති සමස්ථ ක්ෂුද්‍රජීව ගහනයට සාපේක්ෂව ) නීර්ණය කළහැකි බැවින් එය ඔබගේ පරික්ෂණ ක්‍රියාවලිය නව තලයකට ගෙන එයි.

සංසන්දනාත්මක විශ්ලේෂණය

පරීක්ෂණයෙහි තවත් විශේෂත්වයක් ලෙස විවිධ පාරිසරික තත්ව යටතේ දී හෝ චිකිත්සක තත්ව යටතේ දී ක්ෂුද්‍ර ජීව ගහනයෙහි වෙනස්වීම අධ්‍යයනය කිරීමට හැකි වීම දැක්විය හැක. එමගින් රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පෙර හා පසු ලබාගත් සාම්පල විශ්ලේෂණයෙන් ලබාදුන් ප්‍රතිකාරයෙහි ඵලදායීත්වය නිරීක්ෂණය කළ හැක.

Credence FungiFast Sinhala

Credence FungiFast Tamil

Get in touch

12-3/2 Sunethra Devi Road,
Kohuwala, Sri Lanka.

Phone: 011 2890687 / 011 2818370
Hotline: +94 71 038 0011
Email: info@credencegenomics.com

Search...

Call me back

Please fill out this form if you would want us to call you back.

captcha

Latest News Feed

https://www.credencegenomics.com/news/apollo-india-launches-dna-based-diagnostics-with-sri-lankas-credence-genomics/

Apollo India launches DNA based diagnostics with Sri Lanka’s Credence Genomics

December 3, 2017

Chennai – The Apollo Hospitals Group, India’s largest integrated... Read More

https://www.credencegenomics.com/news/eye-live-interview-dr-vaz-santosh-gnanam-ceo-director-credence-genomics/

EYE LIVE INTERVIEW DR. VAZ SANTOSH GNANAM – CEO / DIRECTOR – CREDENCE GENOMICS

December 2, 2017

Eye Live morning TV show interviewing Dr. Vaz Santosh... Read More

https://www.credencegenomics.com/news/bmc-infectious-diseases-publishes-credence-rid-bactfast-fungifast/

BMC Infectious Diseases publishes Credence RID, Bactfast & Fungifast

December 2, 2017

Credence Genomics Ltd., Sri Lanka’s premier specialised DNA diagnostics... Read More

News Archive

© Credence Genomics 2022. BenWorldwide | Feedback

Thank you

Your inquiry has been received.

Close